පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කිරීම සහ ගුණාත්මක පිරීවෙන් අධ්‍යාපනයක් කරා පිරිවෙන් අධයාපන ප්‍රතිසංස්ංස්කරණය
ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ මුදුන්මල්කඩ බදු වූ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය වර්ෂ 1979 දී පනවන ලද "පිරිවෙන් අධ්‍යාපන පනත" මගින් නියාමනය වේ. මෙම පනත තුළින් පිරිවෙන්වල කාර්යයභාරයන්, පරිපාලන ව්‍යුහය, විෂය නිර්දේශ, පිරිවෙන් අධ්‍යාපන විෂය මාලාව පිළිබඳ ව්‍යවස්ථානුකූල මාර්ගෝපදේශ සපයනු ලැබේ. කෙසේ වෙතත්, පනත පනවා වසර 45 කට අධික කාලයක් ගතවීමත් සමඟ, සමාජයෙහි, තාක්ෂණයෙහි සහ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි වර්ධනයත් සමඟ, මෙම පනතේ බොහෝ ඒකකයන් කාලීනව සංශෝධනයන්ට ලක් කරමින් පිරිවෙන් අධ්‍යාපන පනත තවදුරටත් බලාත්මක කිරීම අත්‍යාවශ්‍ය වී ඇත. මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබන සිසුන් හට උසස් පෙළ විෂය ධාරාව හැදෑරීමේදී යම් යම් ගැටලු උද්ගතවී ඇත. උදාහරණයක් ලෙස පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුවකුට උසස් පෙල ගණිත අංශයෙන් අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව ගැටලු සහත වීම. පීරිවෙන් අධ්‍යාපනය මගින් අතීතයේ බිහිකල පඩිවරුන් නිර්මාණය නොවීමට විෂයමාලාව ගැටලුවක් වී ඇති බව අධ්‍යාපන විශේෂඥයන් අදහස් දක්වයි. එබැවින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ පිරිවෙන් අධ්‍යාපන විෂයමාලාව යාවත්කාලීන කරගනිමින් 21 වෙනි සියවසට උචිත ප්‍රාඥ්ඥයින් බිහි කිරීම අප සතුව ඇති වගකීමකි.
දැක්ම
ත්‍රිවිධ ශාසනය සුරකිමින්, අනාගත ලෝකයේ අභියෝග ජය ගත හැකි ප්‍රජාවක් බිහි කිරීම.
මෙහෙවර
ඉහළ ම කාර්යක්ෂමතාවයෙන් හා විශිෂ්ට ගුණාත්මක ක්‍රමවේදයන්නේ යුත් සාමූහික සහයෝගීත්වයෙන් යුතු වගකීමෙන් අනාගත අභියෝගයන්ට මුහුණ දිය හැකි අධ්‍යාත්මික ගුණ නුවණින් හෙබි පරපුරසක් සඳහා සේවාවන් සැපයීම.
jjjjjjj
Upcoming Events
No Events Available
Events Calendar
All Events
2025.09.11 පිරිවෙන් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ විෂයා මාලා ප්‍රතිසංස්කරණය පිළිබඳ ප්‍රගති සමාලෝචනය
2025.08.11 දින සියලුම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් (පිරිවෙන් - විෂය) කැඳවා විෂයමාලා ප්‍රතිසංස්කරණය පිළිබඳව දැනුවත් කර, තම විෂයයන්හි දැනට පවතින තත්වය, අඩුපාඩු පිළිබඳව හා සංවර්ධනය විය යුතු කරුණු පිළිබඳව සමීික්ෂණ වාර්තාවක් 2025.09.11 වන දිනට ලබා දීමට කටයුතු කළ යුතු බවට සිදු කරන ලද දැනුවත් කිරීම් වලට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පිරිවෙන් අධ්‍යාපන අංශයේදී පෙ.ව. 10.00 සිට ප.ව. 1.15 දක්වා පවත්වන ලදි.
පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම සහ පිරිවෙන් අධ්‍යාපනන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විදේශීය දායකත්වය
2025.09.10 දින පෙ.ව. 9.30 ට පිරිවෙන් අධ්‍යාපන අංශයේ දී පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම සහ පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංකරණ ක්‍රියාවලිය සඳහා විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාගේ දායකත්වය ලබා ගැනීම සහ විදේශ රටවල අධ්‍යාපන ක්‍රමය ඇතුලු කරුණූ සාකච්ඡා කරන ලදි.
පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම
2025.09.08 දින ප.ව. 2.20 ට පිරිවෙන් අධ්‍යාපන අංශයේදී පිරිවෙන් අධ්‍යාපතන පනත යාවත්කාලීීන කිරීම සහ නව අධ්‍යාප ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පවත්වන ලදි. මීට අදාළව වෙබ් අඩවිය වෙනම් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කිරීමටත්, විශේෂ පිරිවෙන් සහ භික්ෂු පුහුණු මධ්‍යස්ථාන සමග සාකච්ඡා පැවැත්වීම, වාර්තා වැඩසටහන් සකස් කීරීම, මහා නායකි හිමිවරුන් සමග සාකච්ඡා පැවැත්වීම, පුවත් පත් සඳහා ලිපි යොමු කිරීම සහ පිරිවෙන් YouTube නාලකාවට වීඩියෝ යොමු කිරීම සහ තවත් කරුණු ස...
මාර්ගගත විශේෂඥ කමිටු රැස්වීම - 2025.09.01
පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කිරීම සහ ගුණාත්මක පිරිවෙන් අධ්‍යාපනයක් සඳහා ඉදිරි සැලසුම් සම්පාදනය කිරීමේ විශේෂඥ කමිටු රැස්වීම
පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිිය පිළිබඳ ප්‍රගති සමාලෝචනය
2025.09.01 දින ප.ව. 4.00 අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම් තුමාගේ ප්‍රධෘනත්වයෙන් අතිරේක ලේකම් (පිරිවෙන් - පාලන), අධ්‍යක්ෂ (පිරිවෙන්) ගේ මූලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිියේ වර්තමාන තත්වය පිළිබඳ සාකච්ඡා කරන ලදි.
පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම
ජනමාධ්‍ය සහ සමාජමාධ්‍ය ඔස්සේ පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රචාරණය කිරීම සම්බන්ධව සාකච්ඡා කරන ලදි. කථිකාවන් ගොඩ නැගීම, සංවාද, පුවත්පත් ලිපි පල කිරීම ආදිය සිදු කළ යුතු බවට තීරණය කරන ලදි. 202508.27 වන දින පෙ.ව. 9.30 ට අධ්‍යක්ෂ (පිරිවෙන්) නිල කාමරයේදී ර...
විෂයමාලා ප්‍රතිසංස්කරණය
ත්‍රිපිටකය ඇසුරින් පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කිරීම පිළිබඳ සාකචඡා විය. දැනට පවතින විෂයමාලා පීළිබඳව මෙන්ම ඇතුලත් විය යුතු කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. එහිදී පැරණි විෂය මාලාව සමාාලෝචනය කිරීමටත්, නව ප්‍රවේශයන් පිළිබඳ අධ්‍යයනය කිරීමටත් තීරණය විය. එහිදී ත්‍රිපිටක ගත තොරතුරු වලින් හෙලිවන අධ්‍යයන සංකල්ප මතුකර ගැනීම සඳහා මජ්ඣිම නිකායේ මූලපණ‍්ණාසකයේ සූත්‍ර 10 ක් පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම. 2025.08.26 දින ප.ව. 1.00 ට අධ්‍යක්ෂ (පිරිවෙන්) නිල කාමරයේදී පිරිවෙන් අධ්‍යාපන විෂය මාලා ප්‍රතිසංස්කරණය...
මාර්ගගත විශේෂඥ කමිටු රැස්වීම - 2025.08.20
පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කිරීම සහ ගුණාත්මක පිරිවෙන් අධ්‍යාපනයක් සඳහා ඉදිරි සැලසුම් සම්පාදනය කිරීමේ විශේෂඥ කමිටු රැස්වීම
මාර්ගගත විශේෂඥ කමිටු රැස්වීම - 2025.08.18
පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කිරීම සහ ගුණාත්මක පිරිවෙන් අධ්‍යාපනයක් සඳහා ඉදිරි සැලසුම් සම්පාදනය කිරීමේ විශේෂඥ කමිටු රැස්වීම
මාර්ගගතව පවත්වන ලද විශේෂඥ කමිටු රැස්වීම
2025.07.30 දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති පිරිවෙන් අධ්‍යාපන අංශයේ විශේෂඥ කමිටුවේ රැස්වීමේදී, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ යෝජනා සකස් කිරීම, කමිටු සාමාජිකයන් පත් කිරීම, කමිටු රැස්වීම් කාලසටහන සකස් කිරීම, නව අධ්‍යාපන පනත සංශෝධනය කිරීම, ගුරුවරුන් පුහුණු කිරීම සහ සම්බන්ධ වැඩසටහන් සංවිධානය ක...
විෂයමාලා ප්‍රතිසංස්කරණය - 2025.08.11
සියලුම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් (පිරිවෙන් - විෂය) කැඳවා විෂයමාලා ප්‍රතිසංස්කරණය පිළිබඳව දැනුවත් කර, තම විෂයයන්හි දැනට පවතින තත්වය, අඩුපාඩු පිළිබඳව හා සංවර්ධනය විය යුතු කරුණු පිළිබඳව සමීික්ෂණ වාර්තාවක් 2025.09.11 වන දිනට ලබා දීමට කටයුතු කළ යුතු බව දැනුවත් කරන ලද.
මූලික ප්‍රශ්ණාවලිය සකස් කිරීම
පිරිවෙන් අධ්‍යාපන පනත සංශොා්දනය කිරීිම සඳහා ප්‍රශ්නාවලියට අදාල කෙටුම්පත සකස් කිරීම
පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනය කිරීමේ ප්‍රශ්නාවලිය සකස් කිරීම.
අධ්‍යක්ෂ (පිරිවෙන්) ආචාර්ය, පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 2025.08.06 වන දින ප.ව. 1.00 ට පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේදී පිරීවෙන් පනත සංශෝධනය කිරීමට අදාළ මූලික ප්‍රශ්ණාවලිය සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වන ලදි.
පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
අතිරේක ලේකම් (පිරිවෙන් - පාලන) කේ.සී. නිරෝෂන් මහතාගේ සහ අධ්‍යක්ෂ (පිරීවෙන්) ආචාර්ය පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කිරීම සහ ගුණාත්මක පිරිවෙන් අධ්‍යාපනයක් සඳහා ඉදිරි සැලසුම් සම්පාදනය කිරීමේ විශේෂඥ කමිටුව සමග...
පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කිරීම සහ ගුණාත්මක පිරිවෙන් අධ්‍යාපනයක් සඳහා ඉදිරි සැලසුම් සම්පාදනය කිරීමේ විශේෂඥ කමිටු රැස්වීම
අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපනන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියේ සහ ලේකම්තුමාගේ සහභාගීත්වයෙන් 2025.07.30 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කිරීම සහ ගුණාත්මක පිරිවෙන් අධ්‍යාපනයක් සඳහා ඉදිරි සැලසුම් සම්පාදනය කිරීමේ විශේෂඥ කමිටුව සමග පැවති සාකච්ඡාව.